මන්ත්‍රී ජගත් විතානගේ පුතා රිමාන්ඩ් (වීඩියෝ)

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික බුද්ධික විතාන ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාර රසික බුද්ධික විතාන අද (20) දිනයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මහත්මිය මෙම නියෝගය ලබා දුන්නේ.

නීති විරෝධී ලෙස එකලස් කළ ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඔහුව ඊයේ (19) මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ලබාගන්නා ලද දත්ත වාර්තා අනුව අදාළ ජීප් රථය ලියාපදිංචි අංකයට අදාළව දත්ත වෙනස් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රථයේ දත්ත කූඨ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඇතුළත් කර රජයට අයවිය යුතු බදු මුදල් ගෙවීම් පැහැර හැරීම සඳහා කටයුතු කර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගෙන ඇති රථය නීත්‍යානුකූලව ආනයනය කිරීමක් රේගු දත්ත පද්ධතිය අනුව තහවුරු නොවන බවට රේගු වාර්තාවේ සඳහන්.

අංක KX-8137 දරණ නිල්පාට ලැන්ඩ් කෘසර් ජීප් රථය මතුගම නගරයේ ගමන් කරන බවට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂවරයාට ලද තොරතුරකට අනුව එම ප්‍රදේශයට ගොස් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙම රථය ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන යන අයගේ නමින් ලියාපදිංචිව තිබූ මෙම රථය, ඇයගේ පුරුෂයා වන ධනුෂ් ප්‍රියදර්ශනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මිලියන 35 කට මිලදීගත් බවට සැකකරු ප්‍රකාශ ලබාදී තිබෙනවා.

මෙම රථය මිලදී ගත් කාලවකවානුව තුළ දී වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 450ක් පමණ වුව ද, ලේඛන ගතව මිලදී ගැනීම කර ඇත්තේ රුපියල් ලක්ෂ 200 ක මුදලකට බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මේ අතර වලාන දූෂණ මර්දන ඒකකයේ කණ්ඩායමක් රොෂෙල් මෙලනි අබේගුණවර්ධන සහ ධනුෂ් ප්‍රියදර්ශන යන අය පදිංචි පනාපිටිය පාර, නුගගොඩ, වස්කඩුව යන ලිපිනය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී එම යුවළ එහි රැඳී නොසිටි බවත්, වැටලීම සිදුකිරීමෙන් පසු ලැබුණු ආරංචි මත ඔවුන් එම නිවසින් පිටව ගොස් ඇති බවත් හෙළිව තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා වන රසික බුද්ධික විතාන අත්අඩංගුවට ගැනීමෙන් පසු මතුගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් රඳවා තබා සිටියදී ජගත් විතාන මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් 200ක පමණ පිරිසක් පොලීසිය වෙත පැමිණ රැඳී සිටියත් ඊට අදාළව මතුගම පොලිසිය විසින් කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගෙන ඇති බව සඳහන්.

මෙම රථය අත්අඩංගුවට ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් මෙම ජීප් රථය මිලදීගත් රථයක් බවට පවසමින් අදාළ ලේඛනවල ඡායාරූප ද මතුගම පොලිස් ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදීන් වෙත මුදාහැරීමට ක්‍රියා කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

අත්‌අඩංගුවට ගත් සැකකාර රසික විතාන වෙනුවෙන් ජානාධිපති නීතිඥ ලද්දුව හෙට්ටි ඇතුළු නීතිඥයින් 24 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අධිකරණයේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30