AFC Banner
AFC Banner
Empty Ad

මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය තාවකාලිකව අත්හිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගෙනෙන ලද යෝජනා සම්මතයට අද (22) පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමිවී තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් සිදු කර ඇති නීති විරෝධී විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත විමර්ශනයක් සිදු කිරීම සඳහා යොමු කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජනය කරමින් කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ චර්යාවන් පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන හෙයින්ද, එකී විමර්ශනය අවසන් වන තෙක් අලි සබ්රි රහීම් මහතා පාර්ලිමේන්තු කාරක සභා නියෝජනය නොකළ යුතු බවයි අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

විපක්ෂ නායකවරයා ගෙනා යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ස්ථිර කිරීමෙන් පසු පාර්ලිමෙන්තුව විසින් අනුමත කරනු ලැබුවා.

රුපියල් මිලියන 74ක් වටිනා රත්‍රන් කිලෝ 3.3ක ප්‍රමාණයක් සහ රුපියල් මිලියන 4.2ක් වටිනා ස්මාට් ජංගම දුරකථන 41ක් නීතිවිරෝධීව රැගෙන ආ මන්ත්‍රීවරයා සඳහා දඩය ලෙස රුපියල් මිලියන 7.5ක් පමණක් අයකරගෙන තිබීමත් රුපියල් මිලියන 80ක් වටින රත්‍රන් තොගයක් ගෙනා ප්‍රංශ ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 70ක දඩයක් අය කිරීමත් හේතුවෙන් මන්ත්‍රීවරයා‍ට ලිහිල් දඩයක් නියම කරේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවයි විපක්ෂනායකවරයා මෙහිදී කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?