මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල කොටුවෙයි

අද උදෑසන සිට පාර්ලිමේන්තුව අසල විශාල ජනතාවක් පැමිණ එහි පිටවීමේ සියළු දොරටු අසල රැදී සිටිනවා.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තුව තුල සිටින මන්ත්‍රීවරුන්ට පිටතට පැමිණීමට නොහැකිව සිටින බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් විශාල ජනතාවක් පාර්ලිමේන්තුව අවට එක්වී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිනවා.