පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධ යෝජනාව අද ( 21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට ඡන්ද විමසිමක් ඉල්ලා සිටියා.
එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 43 ක් පමණයි.
ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 32 කින් සම්මත වු අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , ලංකා කම්කරු කොංග්‍රසය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.
විපක්ෂව ඡන්දය භාවිතා කළේ, සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , නිදහස් ජනතා සභාව හා උත්තර ලංකා සභාගයයි.
දමිල ජාතික සන්ධානය , දමිල ජාතික ජනතා පෙරමුණ සහ සී.වී විග්නේෂ්වරන් මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදි සිටියේ නැහැ.















