මනම්පිටිය බස් අනතුරින් මියගිය ගණන තවත් ඉහළට – අතුරුදන් වූවන් සොයා කිමිඳුම්කරුවන් මෙහෙයුම අරඹයි (වීඩියෝ)

මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථයක් පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ දරුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සියලුදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබුණා.

බස් රථයේ අධික වේගය සහ රියදුරුගේ නොසැළකිල්ල මෙම අනතුරට හේතුවන්නට ඇති බවයි පොලීසිය සැකපළ කරන්නේ.

මෙම බස්රථ අනතුරෙන් අතුරුදන් වූවන් ඇත්දැයි සොයා බසය ඔයට පෙරළුණු ස්ථානයේ කිමිඳුම්කරුවන් විසින් මේ වනවිටත් මෙහෙයුම් අරඹා ඇති බව, මනම්පිටිය ප්‍රදේශයේ අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අනතුරට පත් බස් රථය ඊයේ (09) රාත්‍රියේ ම දොඹකර ආධාරයෙන් ඔයෙන් ගොඩගෙන තිබුණා.

https://youtu.be/vhZ5ugIh32I
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
0
+1
2
+1
66
+1
7
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?