මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් අද (19) සහ හෙට (20) දෙදින වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

මධ්‍යම පළාත් ගිලන් රථ සහ ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති සම්පත් කරුණාරත්න පැවසුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාත්මක කරන ස්ථාන මාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය දියත් කරන බවයි.

“ස්ථානමාරු ක්‍රමවේදයේදී අපි දිගින් දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි ආයතන සංග්‍රහයට අනුව අපේ ස්ථානමාරු සිදුවුණේ. නමුත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරතුමා අනුමත කරපු ස්ථානමාරු ඒකාබද්ධ රියදුරු සේවයේ ප්‍රතිපත්තිය අනුව මෙවර අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් එළියට මාරු කරලා තියෙනවා කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට.

මෙවර ස්ථානමාරු කිරීමේ ක්‍රමවේදයේදී ජ්‍යෙෂ්ඨ, පළපුරුදු රියදුරන් 15 දෙනෙකු ඉල්ලීම නොතකා එළියට මාරු කරලා තියෙනවා. මධ්‍යම පළාතේ ජනතාවට සේවය සලසන්න මේ පළපුරුදු සේවකයන් එළියට මාරු කරන එක නවත්වන්න අපි දෙදින සංකේත වැඩවර්ජනයක් සිදුකරනවා. අපේ විරෝධය පළ කරනවා. එසේ නොවන්නේ නම් ජනවාරි 1 සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
වාහනවලට ගමන් කිරීමට නොදී පාරත් බදුගෙන යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12