මතුගම සභාවේ විපක්ෂ නායකයාගෙන් මතුගම පොලිස් ස්ථානාධිපතිට දෝස්මුරයක්

සමගි ජන බලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණ භාර වී තිබෙනවා.

ඒ ඊයේ දිනයේ දී එම සභාවේ ලේකම්වරිය විසින් සභාපතිවරයා තමාට බැන තර්ජනය කර පහර දුන්නා යැයි මතුගම පොලිසිය වෙත පැමිණිලි කර ඇති පසුබිමකයි.

මේ වන විට සභාපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින්පවතින බවත් ඔහුව මතුගම අධිකරණය වෙත අද දිනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා අප කළ විමසීමකදී සඳහන් කළා.

කෙසේ වෙතත් මතුගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා විසින් ප්‍රාදේශීය සභාපතිවරයා ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මතුගම පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරන බවට පැවසූ බවට අප වාර්තාකරු සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?