මතීෂට 2025 දීත් චෙන්නායි රජවරු සමඟ රැඳෙන්න අවස්ථාව

එළඹෙන අයි.පී.එල්. තරගාවලියේ දී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණව කණ්ඩයම තුළ රඳවා ගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව ඔහුව තරගාවලිය පෙර පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් නොකිරීමටයි චෙන්නායි කළමණාකාරීත්වය තීරණ කර ඇත්තේ.

චෙන්නායි හිටපු නායක මහේන්ද්‍ර සිං දෝණි සහ කණ්ඩායමේ ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේ දී අදාළ තීරණය ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙවර චෙන්නායි කණ්ඩායම තුළ රඳවා ගැනීමේ පළමු තීරණය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව වත්මන් නායක රුතුරාජ් ගයික්වාඩ්, තුන් ඉරියව් ක්‍රීඩක ශිවම් ඩුබේ, නවසීලන්ත ප්‍රහාරාත්මක පිත්කරු ඩෙවෝන් කොන්වේ සහ සමීර් රිස්වි යන ක්‍රීඩකයින් ද චෙන්නායි කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර එක් එක් කණ්ඩායම් විසින් රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ලබන 31 වනදාට පෙර ප්‍රකාශයට පත්කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22