මත් ජාවාරමක් ගැන සොයන්න ගිය දසත වාර්තාකරුට නොච්චියාගම ප්‍රබල ව්‍යාපාරිකයෙකු පහරදීලා

මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයක් සඳහා ගිය ‘දසත නිවුස්’ අනුරාධපුර ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ට පහරදීමක් සිදුකර තිබෙනවා.

පහර කෑමට ලක්වූ ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ් මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නොච්චියාගම ප්‍රදේශයේ ප්‍රබල ව්‍යාපාරිකයෙක් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් විකුණන බව ලැබුණු තොරතුරක් මත එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට අප වාර්තාකරු උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දසත ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ගේ නිවසට පැමිණ ඇති අදාළ ව්‍යාපාරිකයා ඔහුට මරණ තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඒ සම්බන්ධයෙන් නොච්චාගම පොලිසියට සිදුකළ පැමිණිල්ලය අනුව; අදාළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන සමතමණ්ඩලය වෙත යොමුකර තිබූ බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක ඊයේ (15) දිනයේ දී ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ පිහිටි; රාජාංගන ශ්‍රද්ධාරත්න නැමැති ස්වාමීන්වහන්සේ නමක් වැඩවසන විහාරස්ථානයකට පැමිණෙන ලෙස දසත ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ්ට එම හිමිනම විසින් ආරාධනා කර ඇත්තේ අදාළ මත් ජාවාරම පිළිබඳ සත්‍ය සත්‍යයත්වය දැනගැනීම සඳහායි.

අප වාර්තාකරු පොලිසියේ අවසරය ද ඇතිව එහි යනවිටත් සැකකාර ව්‍යාපාරිකයා තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සමඟ එම විහාරස්ථානය පැමිණ සිටි තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු තම්සීර් හමීඩ් එහි ගිය අවස්ථාවේ මත් ජාවාරම සිදුකරන බව කියන ව්‍යාපාරිකයා සහ ඔහු අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එහිදී ව්‍යාපාරිකයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ දසත ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලටයි.

අදාළ ව්‍යාපාරිකයා සිදුකරගෙන යන මත් ජාවාරම හේතුවෙන් නොච්චියාගම සහ අනුරාධපුර පාසල්වල ළමුන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?