මත්පැන් සාදය මරණයකින් අවසන් වෙයි (වීඩියෝ)

තණමල්විල නගරයේ පැරණි සුරාසැල පිහිටි ගොඩනැගිල්ල පිටුපසදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පහරදීමක් හේතුවෙන් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ පුද්ගලයා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඔහු තවත් පුද්ගලයන් තුන් දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා.

එම ආරවුල අවස්ථාවේ මියගොස් ඇති පුද්ගලයා එම ස්ථානයේ සිටි අයෙකුට බෝතලයකින් පහරදී ඇති අතර අනතුරුව පහරකෑමට ලක්වූ පුද්ගලයා ද එම ස්ථානයේ තිබූ තවත් වීදුරු බෝතලයකින් මරණකරුගේ හිසට පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් තණමල්විල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයාගේ සිරුර තණමල්විල රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩ්ඩන්ගෙන් සජිත්ට ලැබුණු සුපිරි පිළිගැනීම
01:16
Video thumbnail
අරුන් බෝ#ම්බ ග#හනවා - අපි පෙට්‍රල් ග#හනවා
00:35
Video thumbnail
පෝලිමේ ඉඳලා ෆුල් ටෑන්ක් ගහපු යතුරුපැදියෙක් මහ පාරේ ගිනිගනී
00:31
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන සැපයීම සාමාන්‍ය අතට හැරෙයි
01:29
Video thumbnail
ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ බිහිසුණු අත්දැකීම..වැ#නවා..දුවපන්..දුවපන්
00:47
Video thumbnail
"මේක බුදුබව අත්වෙන්න තරම් පිනක්..ගොඩක් පිං"බැතිමතුන් 1200ක් සෝමාවතී‍යට රැගෙන ගිය පින්බර වැඩසටහන
06:48
Video thumbnail
බිමල්ගේ ඇටකටුත් නැතිවෙන්න ට්‍රම්ප් ග#නවා - බලු කතා කියන්න එපා
02:50
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12