මත්පැන් සාදය මරණයකින් අවසන් වෙයි (වීඩියෝ)

තණමල්විල නගරයේ පැරණි සුරාසැල පිහිටි ගොඩනැගිල්ල පිටුපසදී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පහරදීමක් හේතුවෙන් තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ පුද්ගලයා තණමල්විල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක්.

ඔහු තවත් පුද්ගලයන් තුන් දෙනෙකු සමග මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇතැයි හෙළිවී තිබෙනවා.

එම ආරවුල අවස්ථාවේ මියගොස් ඇති පුද්ගලයා එම ස්ථානයේ සිටි අයෙකුට බෝතලයකින් පහරදී ඇති අතර අනතුරුව පහරකෑමට ලක්වූ පුද්ගලයා ද එම ස්ථානයේ තිබූ තවත් වීදුරු බෝතලයකින් මරණකරුගේ හිසට පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අපරාධය සම්බන්ධයෙන් තණමල්විල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයාගේ සිරුර තණමල්විල රෝහලේ තැන්පත් කර ඇති අතර වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?