මත්පැන් සාදයේ ඇති වූ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

මතුගම පොලිස් වසමේ අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මතුගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (11) මෙම ඝාතනය සිදු කර ඇති බවත්, මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පහරදීමෙන් තුවාල ලැබූ අය වයස අවුරුදු 51 ක් වන යටිදොල – නවුත්තුඩුව ප්‍රදේශයේම පදිංචි පිය පුතු දෙපළක් බවත් හෙළි ව තිබෙනවා.

තුවාලකරුගේ සහෝදරයෙකු සමග පුද්ගලයෙකු මත්පැන් සාදයක දී ආරවුලක් ඇති කරගෙන එම ස්ථානයෙන් දෙපාර්ශ්වයම පිටව ගොස් අනතුරුව සිද්ධිය මුල්කරගෙන ඉහත කී ප්‍රදේශයේදී නැවත ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

එම ආරවුලට මරණකරු හා තුවාලකරු මැදිහත් වී ඇති අතර එහිදී ආරවුල ඇතිකරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සිද්ධියෙන් පසුව පලා ගොස් තිබෙනවා.

මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
0
+1
14
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?