මත්පැන් සාදයේ ඇති වූ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

මතුගම පොලිස් වසමේ අඹරුල්ලගහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට කඩුවකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මතුගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඊයේ (11) මෙම ඝාතනය සිදු කර ඇති බවත්, මරණකරු වයස අවුරුදු 23 ක් වූ යටිදොල, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පහරදීමෙන් තුවාල ලැබූ අය වයස අවුරුදු 51 ක් වන යටිදොල – නවුත්තුඩුව ප්‍රදේශයේම පදිංචි පිය පුතු දෙපළක් බවත් හෙළි ව තිබෙනවා.

තුවාලකරුගේ සහෝදරයෙකු සමග පුද්ගලයෙකු මත්පැන් සාදයක දී ආරවුලක් ඇති කරගෙන එම ස්ථානයෙන් දෙපාර්ශ්වයම පිටව ගොස් අනතුරුව සිද්ධිය මුල්කරගෙන ඉහත කී ප්‍රදේශයේදී නැවත ආරවුලක් ඇති කරගෙන තිබෙනවා.

එම ආරවුලට මරණකරු හා තුවාලකරු මැදිහත් වී ඇති අතර එහිදී ආරවුල ඇතිකරගත් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සිද්ධියෙන් පසුව පලා ගොස් තිබෙනවා.

මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48