මත්පැන් බලපත්‍ර ලබාදෙන්නේ හොර අරක්කු අඩු කරන්න – රංජිත් සියඹලාපිටිය

මිතුරන්ට හෝ හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීමේ කිසිඳු වැඩපිළිවෙළක් සකසා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ අවසන් වරට මීට වසර 16 කට පෙර එනම් 2008 වසරේ දී වාර්තා වූ ජනගහනයට සරිලන ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කර තිබූ බවයි.

ඉන් වසර 16 කට පසු ජනගහනයට සරිලන ආකාරයට ඒවා යළි ගණනය කළ යුතු බවත්, එසේම නීති විරෝධි මත්පැන් අඩාල කිරීමේ අරමුණෙන් මෙම නව ගණනය කිරීම්වලට අනුව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් නීත්‍යානුකූල මත්පැන් භාවිතය වැඩි කිරීමට රජය කිසිවිටෙකත් කටයුතු නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා බදු වැඩි කිරීම සහ නව බලපත්‍ර ගාස්තු පැනවීම ආදිය මඟින් මත්පැන් මිල ඉහළ නැංවීම හරහා එය පාලනය කරන බවයි සඳහන් කර සිටියේ.

එමෙන්ම නීතිවිරෝධී මත්පැන් ව්‍යාප්තිය පාලනය කරමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම රජයේ අවශ්‍යතාවය බව ද ඔහු සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ විපක්ෂ නායකවරයා ඉල්ලා ඇති පරිදි මත්පැන් බලපත්‍ර අයදුම්කර ඇති සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල පිළිබඳ වාර්තාව කඩිනමින් සකසා මීළඟ පාර්ලිමේන්තු වාරයේ දී ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

විපක්ෂ නායකවරයා පවසන ආකාරයට මත්පැන් බලපත්‍ර අයදුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් පැනවීමට ගිය හොත් විපක්ෂ නායකවරයාට ඉතිරිවන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කිව නොහැකි බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46


?