මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අයෙක් පොලිස් අත්අඩංගුවේදී මරුට

මරදාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

ඊයේ (10) සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග නාරාහේන්පිට ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබන අතරතුර ඇතිවූ සිදුවීමකින් අනතුරුව සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හික්කඩුව තෙල්වත්තේ පදිංචිකරුවෙක් වන 41 හැවිරිදි පුද්ගලයෙක්.

උපාය දූතයන් දෙදෙනෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය ආසන්නයේදීයි.

සැකකරු නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමණානාකරුවෙක් ලෙසට සේවය කළ අයෙක්.

මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් අතරතුර ඔහු පොලිස් නිලධාරීන්ට විරෝධය පළ කර කලහකාරීව හැසිරී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරුව පොලිස් නිලධාරීන් එය පාලනය කිරීමට යාමේදී ඇතිවූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10