මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 35ක් අත්අඩංගුවට

ගතවූ දින දෙකක කාලය තුල විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 35 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතරින් 12 දෙනෙකු පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහාය මත හදිසි මාර්ග බාධක යොදා ශ්‍රී පාද වන්දනාකරුවන් රැගෙන එනු ලබන රථ වාහන පරීක්ෂාවල දී හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශ නිලධාරීන් විසිනුයි අත් අඩංගුවට ගෙන ඇත්තේ.

අනෙක් පිරිස හැටන් කොට්ඨාශයේ තවත් පොලිස් ස්ථාන කිපයක දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ගංජා රැගෙන පැමිණි 20ක්, ගංජා මිශ්‍ර මදන මෝදක රැගෙන පැමිණි 8ක්, මත් පෙති රැගෙන ආ 04ක්, හෂිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිනි 3ක් වශයෙන් අත් අඩංගුවට පත්වී ඇතැයි සඳහන්.

එමෙන්ම සැකකරුවන් සතුව තිබී ගංජා ග්‍රෑම් 50ක්, මදන මෝදක 120ක්, මත් පෙති 12ක්, හෂිස් මිලි ග්‍රැම් 500ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුට පත් වූ සියලුම දෙනා අවුරුදු 18ත් 25ත් අතර පසුවන්නන්.

මෙම තරුණයන් තම දෙමාපියන් නොමැතිව මිතුරන් සහ ගම්වාසීන් සමග ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි පිරිසක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

මේ අතර මෙවර සති අන්තයේ ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් වන්දනාකරුවන් විශාල පිරිසකට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මෙම සති අන්තයේ පාසල් නිවාඩුව නිම වීමට පෙර ශ්‍රී පාදය වන්දනා කිරිම සදහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට වන්දනාකරුවන් ලක්ෂයකට අධික පිරිසක් පිරිසක් පැමිණීමත් සමග මෙම තත්වය නිර්මාණය වී තිබෙනවා.

වන්දනාකරුවන් රැගෙන රථ වාහන ද විශාල ප්‍රමාණයක් පැමිනිමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ නැවතුම් පොළවල් ප්‍රමාණවත් නොවීම හමුවේ වාහන විශාල ප්‍රමාණයක් නල්ලතන්නිය මස්කෙළිය මාර්ගයේ කිලෝමීටර් තුනක පමණ දුරකට මාර්ගය අයිනේ නතර කර තැබීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

දුම්රියෙන් හා පොදු ප්‍රවාහන සේවාවලින් පැමිණි වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් නල්ලතන්නිය අතර එම ලංගම හා පුද්ගලික බස් රථ යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මර්වින් සිල්වා දේශපාලනයට සමු දෙන්නද යන්නේ ? දුටුගැමුණු මහරජු ගිය ගමන මම යනවා
03:56
Video thumbnail
ආදරෙයි මා.. ආදරෙයි..
02:22
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46


?