මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 347ක් නීතියේ රැහැනට

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදු කරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළ ව ඊයේ (20) දින පොලිස් කොට්ඨාස මට්ටමින් මත්ද්‍රව්‍ය ජාලය හඳුනාගෙන සැකකරුවන් 347 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, ඊයේ දින අවසන් වන විට හෙර්‍යොයින් කිලෝග්‍රෑම් 187කට අධික ප්‍රමාණයක් වැටලීම් 117කින් ද, හෙරොයින් සමග සැකකරුවන් 117 දෙනෙකු ද අත් අඩංගුවට ගැනුණා.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 109 දෙනෙකු මුළු අයිස් කිලෝග්‍රෑම් 131කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට අමතරව හෑෂ් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් සත්දෙනෙකු සහ ගංජා පැළ සමග සැකකරුවන් දෙදෙනකු ද පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙම මෙහෙයුම් මැයි මස 13 වැනි දින සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?