මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දාන්න ජනතාවගෙන් අදහස් හා යෝජනා ඉල්ලයි

රට තුළ සීග්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව හිමිවී තිබෙනවා.

ඒ පසුගිය ජුනි මස 8 වැනිදා කථානායකවරයා විසින් පත් කරන ලද, රට තුළ සීග්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කලයුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තුව විශේෂ කාරක සභාව විසිනුයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සභාපතිත්වය දරන මෙම විශේෂ කාරක සභාව කමිටු සාමාජික මන්ත්‍රීවරයන් 11 දෙනෙකුගෙන් සමන්විතයි.

මෙම විශේෂ කාරක සභාවේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්න මහතා කටයුතු කරනු ලබනවා.

මහ ජනතාවට යොමුකිරීමට තිබෙන අදහස් හා යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ ලේකම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර ,කෝට්ටේ. යන ලිපිනයට යොමුකළ හැකියි.

ඒ අනුව මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පාර්ශ්ව සහ සංවිධානවලට ඔක්තෝබර් මස 12 වනි දින හෝ ඊට ප්‍රථම අදාළ යෝජනා සහ අදහස් යොමු කළ හැකි බවයි කාරක සභාව ප්‍රකාශ කළේ.

මේ සඳහා නියෝජන ලබාදෙන අයගෙන් වාචික සාක්ෂි ලබාගැනීමට කමිටුව අදහස් කරන විට ඔවුන් අදාළ ලිපි ලේඛන ද සමග කැඳවීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?