මඟ නැගුම කිරිබත් සංග්‍රාහයේ සැකකරුවන්ට ඇප

පෑලියගොඩ නුගේ පාර පිහිටි මඟ නැගුම ව්‍යාපෘති කාර්යාලයේදී පැවති 2023 වර්ෂය සඳහා සේවකයන් වැඩ ආරම්භ කිරීම සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද ප්‍රතිඥාව කියවා දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් අතරතුර මඟ නැගුම ව්‍යපෘතියේ සභාපතිවරයාට හා විධායක අධ්‍යක්ෂවරයාට කාර්යාලය තුළ පහරදිමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිල්ල ලබන 16 වනදා කැඳවීමට ද නියම විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?