මඟ දමාගිය උණ්ඩ තොගයක් පොලිසියෙන් සොයාගැනේ

කිසියම් අපරාධයක් සිදු කිරීමට සඟවා තිබීයැයි සැක කෙරෙන ජීව උණ්ඩ 94ක් සොයා ගැනීමට මතුගම පොලිසිය සමත් වී තිබෙනවා.

මතුගම පොලීසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අද (10) උදෑසන මතුගම පොලිස් වසමේ සිරිකඳුර ප්‍රදේශයේ ජනතාව ස්නානය කිරීමට භාවිතා කරන කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක ගල් අතර සඟවා තිබූ මෙම විවිධ වර්ගවලට අයත් ජීව උණ්ඩ අනුහතර සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මතුගම ප්‍රදේශයේ කිසියම් අපරාධ කල්ලියක හෝ වෙනත් අපරාධයක් කිරීම සඳහා මෙම ජීව උන්ඩ සඟවා ඇත්ත යන්න පිළිබඳව මතුගම පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

එමෙන්ම ගාල්ල, මහ මෝදර රෝහල අසල අතුරු මාර්ගයක දමා ගොස් තිබූ T56 වර්ගයේ උණ්ඩ 15ක් ගාල්ල පොලිසිය විසින් අද (10) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ගාල්ල රථ වාහන අංශයට ලද තොරතුරක් මත මෙම උණ්ඩ සොයාගෙන ඇති අතර මෙම උණ්ඩ දිරාගොස් තිබෙන බවද පොලිසිය පවසනවා.

මේ දිනවල සිදු කරන මෙහෙයුම් හේතුවෙන් කිසිවෙක් විසින් එම උණ්ඩ එතැනට ගෙනවිත් දමා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සයුරපුර මහල් නිවාස සංකීර්ණයට හදිසියේම STF එකෙන් කඩා ප#යි..ගෙවල්වලට ෆුල් සුද්දයක් දෙන්නේ
01:16
Video thumbnail
අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අවුරුදු 2ක කාලයක් යයි
10:25
Video thumbnail
පුද්ගලයෙකුගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..කාර් එක කුඩේ කුඩු - ෆ්ලැට් වෙලාම ගිහින්
01:10
Video thumbnail
Praharaya | එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි
00:42
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
00:00
Video thumbnail
මොනාද අනුර කුමාර මේ කරන පජාත වැඩ..?
07:29
Video thumbnail
පෙළපාලියේ සිංහයාගේ අනුරුව පිළිකන්නට දාලා?ණයවෙලා ගේන ඩබල් කැබ්වල යන්නත් එපා අභිමානයක් නෑ
07:51
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 03.02.2026
08:25:33
Video thumbnail
ඔයාලා බත් ද කන්නේ - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
03:59


?