කිසියම් අපරාධයක් සිදු කිරීමට සඟවා තිබීයැයි සැක කෙරෙන ජීව උණ්ඩ 94ක් සොයා ගැනීමට මතුගම පොලිසිය සමත් වී තිබෙනවා.
මතුගම පොලීසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අද (10) උදෑසන මතුගම පොලිස් වසමේ සිරිකඳුර ප්‍රදේශයේ ජනතාව ස්නානය කිරීමට භාවිතා කරන කුඩා ප්‍රමාණයේ දිය ඇල්ලක ගල් අතර සඟවා තිබූ මෙම විවිධ වර්ගවලට අයත් ජීව උණ්ඩ අනුහතර සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.
මතුගම ප්‍රදේශයේ කිසියම් අපරාධ කල්ලියක හෝ වෙනත් අපරාධයක් කිරීම සඳහා මෙම ජීව උන්ඩ සඟවා ඇත්ත යන්න පිළිබඳව මතුගම පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.
එමෙන්ම ගාල්ල, මහ මෝදර රෝහල අසල අතුරු මාර්ගයක දමා ගොස් තිබූ T56 වර්ගයේ උණ්ඩ 15ක් ගාල්ල පොලිසිය විසින් අද (10) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
ගාල්ල රථ වාහන අංශයට ලද තොරතුරක් මත මෙම උණ්ඩ සොයාගෙන ඇති අතර මෙම උණ්ඩ දිරාගොස් තිබෙන බවද පොලිසිය පවසනවා.
මේ දිනවල සිදු කරන මෙහෙයුම් හේතුවෙන් කිසිවෙක් විසින් එම උණ්ඩ එතැනට ගෙනවිත් දමා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.




