මගී ප්‍රවාහන බස් රථ ගෙන්වන්න නිර්නායක

මෙරට ධාවනය කෙරෙන වාහනවලින් 90%ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරා ගන්නා ලද තරුණ නියෝජිතයන්ද කාරක සභාවට සහභාගී වුණා.

මෙරටට මගී ප්‍රවාහන බස් රථ ගෙන්වීම සඳහා අවම ප්‍රමිතියක් සකස් කිරීමට අදාළ යෝජනාව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කමිටුව වෙත ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙරටට මගී බස් රථ ආනයනය කිරීමේදී අවම ප්‍රමිතියක් සකස් කිරීමට කමිටු රැස්වීම කැදවා තිබූ අතර, ඒ සඳහා ආයතන 18ක් කැඳවා තිබුණා.

ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡා කිරීමකින් අනතුරුවයි ඉදිරියේදී මෙරටට මගී බස් රථ ආනයනය කිරීමේදී කමිටුව තීරණය කළ නිර්ණායකවලට අනුකූලව බස් රථ ගෙන්විය යූතු බවට කම්ටුවේදී තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ධාවනය කෙරෙන වහානවලින් 90%ක් වායු විමෝචන ප්‍රමිතියෙන් තොර බවත් වාර්ෂිකව වායු විමෝචනයට ඉදිරිපත් කෙරෙන වාහනවලින් 20%ක් වායු විමෝචනය අසමත් වන බවද කමිටුවේදී හෙළි වී තිබෙනවා. ලංකාවේ ධාවනය කෙරෙන වාහනවලින් 90% කින්ම අහිතකර වායු පරිසරයට මුදා හරින බව ද අනාවරණ වී තිබෙනවා.

කමිටුවට සහභාගිවූ ආයතනය ඊට අදාළ කරුණු ඉදිරිපත් කළ අතර කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අදාළ අංශවලට නියෝග කළේ මගී ප්‍රවාහන බස් රථ ආනයනය සහ වාහනවල වායු විමෝචනය අධීක්ෂණය පරීක්ෂණය සහ නියාමය පිළිබදව කරුණු ඇතුලත් වාර්තාවක් මාස දෙකක් ඇතුලත කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?