මගී ප්‍රවාහන බස් රථ ගෙන්වන්න නිර්නායක

මෙරට ධාවනය කෙරෙන වාහනවලින් 90%ක වායු විමෝචනය ප්‍රමිතියෙන් තොර බව පාර්ලිමේන්තුවේ බල ශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තෝරා ගන්නා ලද තරුණ නියෝජිතයන්ද කාරක සභාවට සහභාගී වුණා.

මෙරටට මගී ප්‍රවාහන බස් රථ ගෙන්වීම සඳහා අවම ප්‍රමිතියක් සකස් කිරීමට අදාළ යෝජනාව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කමිටුව වෙත ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙරටට මගී බස් රථ ආනයනය කිරීමේදී අවම ප්‍රමිතියක් සකස් කිරීමට කමිටු රැස්වීම කැදවා තිබූ අතර, ඒ සඳහා ආයතන 18ක් කැඳවා තිබුණා.

ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡා කිරීමකින් අනතුරුවයි ඉදිරියේදී මෙරටට මගී බස් රථ ආනයනය කිරීමේදී කමිටුව තීරණය කළ නිර්ණායකවලට අනුකූලව බස් රථ ගෙන්විය යූතු බවට කම්ටුවේදී තීරණය වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ධාවනය කෙරෙන වහානවලින් 90%ක් වායු විමෝචන ප්‍රමිතියෙන් තොර බවත් වාර්ෂිකව වායු විමෝචනයට ඉදිරිපත් කෙරෙන වාහනවලින් 20%ක් වායු විමෝචනය අසමත් වන බවද කමිටුවේදී හෙළි වී තිබෙනවා. ලංකාවේ ධාවනය කෙරෙන වාහනවලින් 90% කින්ම අහිතකර වායු පරිසරයට මුදා හරින බව ද අනාවරණ වී තිබෙනවා.

කමිටුවට සහභාගිවූ ආයතනය ඊට අදාළ කරුණු ඉදිරිපත් කළ අතර කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අදාළ අංශවලට නියෝග කළේ මගී ප්‍රවාහන බස් රථ ආනයනය සහ වාහනවල වායු විමෝචනය අධීක්ෂණය පරීක්ෂණය සහ නියාමය පිළිබදව කරුණු ඇතුලත් වාර්තාවක් මාස දෙකක් ඇතුලත කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53