මගීන් 2030ක් රැගත් මගී ප්‍රවාහන නෞකාවක් ලබන සතියේ මෙරටට

තවත් මගී ප්‍රවාහන නෞකාවක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ “Mein Schiff 5” නැමැති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ලබන 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

මෙම නෞකාවේ විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංඟුරම් ලෑමට නොහැකි නිසා කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ එය නැංඟුරම් ලෑමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලය 945ක් රැගත් මෙම නෞකාවේ සිටින පිරිසෙන් බහුතරය යුරෝපීයන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?