මගීන් දැඩි අවදානමේ

දඹුල්ල නගරය හරහා ධාවනය වෙන බොහෝ බස්රථ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලින් තොරව මගින් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බව මගී ජනතාව පෙන්වා දෙති.

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද කිසිදු ප්‍රතිචාරයක් ඊට ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙන ජනතාව මේ බස් මගී අවධානමේ දමන ජාවාරම ගැන හෙළි කරන්න ලෙස ජනමාධයෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල බස් නැවතුම් පොළ ආසන්නයේ 22 දින උදෑසන සිටම සෑම පෞද්ගලික සහ ලංගම බස් රථවල ද ආසන ගන්නට වඩා මගින් රැගෙන යෑම සිදු කරන අතර ඒ සඳහා විරුද්ධ වන මගීන්ට විවිධ හිංසා හිරිහැර කිරීම් සිදු වෙන බව මගීහු කියති.

වෙලා සටහන්කරුවන් පවා කියා සිටින්නේ මගීන්ගේ වේලාවන් වලට බස් නොයන බවය. බස් රථ ගමන් කරන්නේ වෙලා සටහන් දමන ආකාරයට බවය.

22 දින පස්වරුවේ පාසල් ඇරී නිවෙස් බලා යන දුවා දරුවන්ට ද කිසිදු සෞඛ්‍ය ආරක්ෂාවකින් තොරව බස් රථ වල ගමන් කරන අයුරු මාර්ගයේදී දැකගැනීමට හැකි විය.

එවැනි මගී අනාරක්ෂිතව ප්‍රවාහනය කරන බස් රියදුරන් හා කොන්දොස්තර වරුන් කියා සිටින්නේ බස් රථ අඩු බවය. ඇතැම් බස් රථවල රියදුරන් ඉතා අනාරක්ෂිත ලෙස මුව ආවරණ පවා නොමැතිව මගින් පුරවා ධාවනයේ යොදවන බව මෙදින දඹුල්ල බකමුණ මාර්ගයේදී දැකගත හැකිවිණි.

එහෙත් කිසිදු වගකිව යුතු බලධාරියෙකු මෙම බස් රථ හිමියන් හෝ මගින් දැනුවත් කිරීමක් සිදු කර නැත.

ඉතා සූක්ෂම ලෙස බස්රථ හිමියන් තමන්ගේ වේලාව ප්‍රමාද කරමින් බස්රථ ආසන මට්ටමට වඩා මගින් රැගෙන යෑම උපක්‍රමශීලීව සිදුකරන බව මගීහු පෙන්වා දෙති.

දඹුල්ල මෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම නැවත කොවිඩ් වෛරසය හිස ඔසවන අවස්ථාවක දරුවන්ගේ මගී ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳව කිසිදු වගක් නොතකා මුදල පමණක්සීම කරගෙන සිදු කෙරෙන මෙම ප්‍රවාහන ක්‍රමවේද පිළිබඳව කඩිනමින් ප්‍රවාහන බලධාරීන්ගේ නැතහොත් සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ අවධානය යොමු කරන්නැයි මගී ජනතාව ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09