මගියෙකුගේ ගමන් මල්ලකින් ජීව උණ්ඩ හමුවීමේ සිදුවීම ගැන වාර්තාවක් ඉල්ලයි

කටුනායක ගුවන් තොටුපළ තුළ දී ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ තිබී සොයා ගත්, මිලිමීටර් 09 ජීව උණ්ඩ 50ක් ඒවා රැගෙන ආ ගුවන් මගියාටම ගුවන් ආපසු භාර දීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත මහතා සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත ලිඛිතව නියෝග කර තිබෙනවා.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පසුගිය ජනවාරි මස 29 දින අලුයම 12.30ට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහායි සිංගප්පූරු ගුවන් සේවයේ SQ469 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 50ක් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කෙරෙන පරිලෝකන පරීක්ෂාවේදී (Scan Test) අනාවරණය කර ගෙන තිබෙනවා.

එහිදී මෙම ව්‍යාපාරිකයා මෙම ගිනි අවිය සදහා තමන්ට බලපත්‍රයක් ඇති බව ගුවන් තොටුපළ ආරක්ෂක අංශ නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබුණා.

එහෙත් එවැනි ගිනි අවි බලපත්‍රයක් සදහා ජීව උණ්ඩ 10ක් පමණක් ළඟ තබා ගත හැකි බවයි මේ පිළිබඳව කළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියාසිටියේ.

අනතුරුව මෙම ජීව උණ්ඩ තොගය අදාළ ගුවන් මගියා වෙත නිදහස් කර ඇති ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, මෙම ගුවන් මගියාට සිංගප්පූරුව බලා යෑමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එහිදී මෙම ව්‍යාපාරික ගුවන් මගියා අදාළ ජීව උණ්ඩ තොගය තම නිවෙස වෙත ගෙන යාම සඳාහා ඔහුගේ රියදුරාට භාර දී ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම සිදුවීම කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත යොමු කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

එහෙත් පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වන දින ඇමෙරිකානු ජාතික ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ තිබී මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 10ක් කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත යොමු කර, අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද යොමු කර තිබුණා.

එහිදී මෙම ඇමෙරිකානු ජාතිකයා, තමන් සතුව මෙම ගිනි අවි පරිහරණය සහ සන්තකයෙහි තබා ගැනීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කර ඇති බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට අමතරව පස්ගිය ජනවාරි මස 25 දින දහවල් 12.10ට රුසියානු ජාතික යුවළක් තම පුතු ද සමග රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අවස්ථාවේ ඔවුන්ගේ ගමන් මල්ලේ තිබී සෙල්ලම් පිස්තෝල 02ක් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂාවකදී අනාවරණය කර ගෙන තිබූ අතර ඔවුන් කටුනායක ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දී, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

එහිදී මෙම සෙල්ලම් පිස්තෝල දෙක කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත යොමු කර තවත් විශේෂ විමර්ශනයක් ද සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

එම සිදුවීම් ලෝකයේ බලවත්ම ජාතීන් දෙකක් වන ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන්ට එරෙහිව ගිනි අවි සහ ජීව උණ්ඩ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ පොලිසිය ගෙන තිබූ පියවරයි.

එහෙත් බේරුවල ව්‍යාපාරිකයාගේ සිද්ධියත්, විදේශීය ජාතිකයන් පිළිබඳව ගෙන ඇති එකිනෙකට පටහැනි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවයි මෙම විමර්ශන කටයුතු ආරම්භ වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34