පාස්කු නඩුවෙන් නිදහස් – මෛත්‍රී වන්දි ගෙවා අවසන් කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණ‍ය විසින් ගෙවීමට නියම කරන ලද වන්දි මුදල් ප්‍රමාණය වන රුපියල් මිලියන 100 ගෙවා අවසන් කර තිබෙනවා.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ත්‍රස්ත ප්‍රහාර මාලාව වැළැක්වීමට කටයුතු නොකිරීම මත හිටපු ජනාධිපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ලැබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන් වරදකරුවන් බවට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව අධිකරණය විසින් නියම කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන මහත්වරුන් රුපියල් මිලියන 75 බැගින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා රුපියල් මිලියන 50ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 10ක් ලෙස මුදල් වන්දි වින්දිතයින්ට ගෙවිය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරයාට ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බව වාර්තා වන අතර ඔහු විසින් ගෙවීමට තිබූ රුපියල් මිලියන 100ක වන්දි මුදල කොටස් 7කින් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයවලුන් ද ඔවුන්ට නියම ව තිබූ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව සඳහන් වනවා.

නමුත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අයවලුන් සිය වන්දි මුදල් මෙතෙක් ගෙවා අවසන් කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
14
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29