මංගල වර්ල්ඩ් කප් එකේදීම ඔමර්සායිගෙන් ප්‍රවේසම්කාරී 50ක්

Azmatullah Omarzai සිය එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක වාර්තා කළ කුළුදුල් අර්ධ ශතකය මීට ටික වේලාවකට පෙර රැස් කරගත්තා.

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ආරම්භක වටයේ 09 වැනි තරගයයි දිල්ලි හි දී අද පැවැත්වෙන්නේ.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වන ගුර්බාස් සහ ඊබ්‍රහීම් සද්‍රාන් හට හිතූ තරම් සාර්ථක වන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 21කටත් 22කටත් දැවී ගියා.

ඉන් අනතුරුව ප්‍රවේසම්කාරී ඉනිමක් සිය කණ්ඩායමේ නායකයා සමග ගොඩනගමින් Azmatullah මෙම හැඩකාර ලකුණු 50 රැස් කිරීමට සමත් වුණා.

ඊට වැය වූ පන්දු ගණන 62ක්.

මෙම ලකුණු 50ට හතරේ පහරක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

මෙය අස්මතුල්ලාගේ එක්දින දිවියේ දෙවැනි අර්ධ ශතකය ද වනවා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ නායක හෂ්මතුල්ලා යි.

ඔහු ද නොදැවී ලකුණු 50 ක් මේ වනවිට අතැති ව සිටින්නේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 17 වැනි අර්ධ ශතකයට ද හිමිකම් කියමින්.

ඔහුගේ ලකුණු 50 දැවැන්ත හතරේ පහර 05කින් වර්ණවත් වුණා.

මේ වනවිට ඇෆ්ගන් ලකුණු පුවරුව පන්දුවාර 32ක් අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 167 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34