මංගල වර්ල්ඩ් කප් එකේදීම ඔමර්සායිගෙන් ප්‍රවේසම්කාරී 50ක්

Azmatullah Omarzai සිය එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක වාර්තා කළ කුළුදුල් අර්ධ ශතකය මීට ටික වේලාවකට පෙර රැස් කරගත්තා.

ඒ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව යි.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ආරම්භක වටයේ 09 වැනි තරගයයි දිල්ලි හි දී අද පැවැත්වෙන්නේ.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වන ගුර්බාස් සහ ඊබ්‍රහීම් සද්‍රාන් හට හිතූ තරම් සාර්ථක වන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 21කටත් 22කටත් දැවී ගියා.

ඉන් අනතුරුව ප්‍රවේසම්කාරී ඉනිමක් සිය කණ්ඩායමේ නායකයා සමග ගොඩනගමින් Azmatullah මෙම හැඩකාර ලකුණු 50 රැස් කිරීමට සමත් වුණා.

ඊට වැය වූ පන්දු ගණන 62ක්.

මෙම ලකුණු 50ට හතරේ පහරක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

මෙය අස්මතුල්ලාගේ එක්දින දිවියේ දෙවැනි අර්ධ ශතකය ද වනවා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියෙහි රැඳී සිටින්නේ නායක හෂ්මතුල්ලා යි.

ඔහු ද නොදැවී ලකුණු 50 ක් මේ වනවිට අතැති ව සිටින්නේ ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 17 වැනි අර්ධ ශතකයට ද හිමිකම් කියමින්.

ඔහුගේ ලකුණු 50 දැවැන්ත හතරේ පහර 05කින් වර්ණවත් වුණා.

මේ වනවිට ඇෆ්ගන් ලකුණු පුවරුව පන්දුවාර 32ක් අවසානයේ දී කඩුලු 03ක් දැවී ලකුණු 167 යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?