මංගල උළෙලට ආ සභාපතියි මන්ත්‍රීවරුයි නිරෝධායනයට

සෞඛ්‍ය නිර්දේශ නොමැතිව පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගි වූ රඹෑව ප්‍රාදේශීය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු, මනාල යුවළ ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනෙකු කොවිඩ්-19 අවදානම හේතුවෙන් නිවෙස්වල ස්වයං නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ගම්පහ, ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙකු රඹෑව නගර ආසන්නයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගීව ඇති අතර ඔහුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් පස්දෙනා ඇතුළු 50 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

රඹෑව ප්‍රාදේශීය සභාවේ වැඩ බලන සභාපතිවරයා ඇතුළු පිරිස හා පවුල් 15ක පමණ පුද්ගලයන් 45ක පමණ ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයාව කිසිදු දැනුවත් කිරීමක් නොමැතිව මෙම විවාහ මංගල උත්සවය උත්සව ශාලාවක පවත්වා තිබෙන අතර පැමිණි පිරිස හරිහැටි අනාවරණය කර ගැනීම පවා සෞඛ්‍ය අංශවලට නොහැකිවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09