මංගල උත්සවයක නටමින් සිටි තරුණයා එක්වරම ජීවිතක්ෂයට පත් වූ හැටි කැමරාවක සටහන් වෙයි (වීඩියෝ)

ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක නටමින් සිටි තරුණයෙක් එක්වරම ජීවිතක්ෂයට පත්ව ඇඳගෙන වැටෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍යයේ සැරිසරනවා.

19 හැවිරිදි තරුණයෙකු මෙම ආවසනවන්ත මරණයට මුහුණ පා ඇති අතර, ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ නිර්මාල් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම තරුණයා විවාහ මංගල උත්සවයක නටමින් සිටින අවස්ථාවේ ඔහු හදිසියේම බිම වැටී බිම ඇද අටෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

ඉන් අනතුරුව ඔහු වහාම රෝහල් ගත කිරීමට එහි සිටි පිරිස් කටයුතු කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ තරුණයා හෘදයාබාධයකට ලක්ව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
110
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?