තමීම් ඉක්බාල් සමඟ බංග්ලාදේශ ටෙස්ට් නායකයාත් සිටගනී – බංග්ලාදේශ ඉල්ලීමට තවමත් ප්‍රතිචාරයක් නැහැ

ලබන මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට තම කණ්ඩායමේ සහභාගීත්වය වටා ඇති අවිනිශ්චිතතාවය ක්‍රීඩකයින්ගේ මානසික යහපැවැත්මට බලපාන බව බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසනවා.

වත්මන් අවුල් සහගත තත්ත්වය විසඳීම සඳහා සංයමයෙන් හා ප්‍රායෝගික ප්‍රවේශයක් සඳහා හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමිම් ඉක්බාල් ඉල්ලා සිටීමෙන් පසු තමීම් ඉක්බාල් ඉන්දියාවේ නියෝජිතයෙකු ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ෂැන්ටෝ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ එම්. නජ්මුල් ඉස්ලාම්ට ද දෝෂාරෝපණය එල්ලකර තිබෙනවා.

ෂැන්ටෝ පවසනේ හිටපු නායකයෙක් සහ බංග්ලාදේශ ක්‍රිකට් ගොඩනැගීමට දායක වූ ක්‍රීඩකයෙක් පිළිබඳව එවැනි ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම ඉතා කණගාටුදායක බවයි.

යමෙකු හිටපු නායකයෙකු වුවත්, සාමාන්‍ය ක්‍රීඩකයෙකු වුවත්, සාර්ථක වුවත් නැතත් අවසානයේ දී ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෞරවය බලාපොරොත්තුවන බවත්, එවැනි තත්ත්වයක් තුළ බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය දැඩිව හෙළාදකින බවයි නජ්මුල් හොසේන් ෂැන්ටෝ පවසන්නේ.

ආරක්ෂක ගැටළු හේතුවෙන් එළඹෙන 20-20 ලෝක කුසලානයේ බංග්ලාදේශ කණ්ඩායමේ තරඟ ඉන්දියාවෙන් පිටතට ගෙන යන ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.සී.සීයෙන් ඉල්ලා සිටීමෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මතුව පවතිනවා.

20-20 ලෝක කුසලානය පෙබරවාරි 07 වන දින ආරම්භ වන අතර බංග්ලාදේශය මුලික වටයේ ඉන්දියාවේ තරඟ හතරක් සඳහා කොල්කටාහි දී සහ මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීම හමුවේ ලෝක කුසලානය සඳහා ඉන්දියාවට පැමිණීම බංග්ලාදේශය ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් බංග්ලාදේශය අයි.සී.සීයෙන් සිදුකළ ඉල්ලීමට තවමත් නිශ්චිත ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, ඊට යහපත් ආකාරයේ ප්‍රතිචාරයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමිවුවහොත් තරගාවලියේ තරග සැලැස්ම වෙනස්කර නව තරග කාල සටහනක් සැකසීමට අයි.සී.සීයට සිදුවනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19