කන්ටේනර් කිහිපයකින් ඩුබායි සිට එවූ ආධාර තොගයක් ගැන CIDයට පැමිණිල්ලක්

දිට්වා සුළි කුණාටුව නිසාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඩුබායි සිට මෙරටට කන්ටේනර් කිහිපයක එවූ මානුෂීය ආධාර තොගයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින් අද (10) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ සිවිල් බුද්ධි පෙරමුණ විසින්.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සිවිල් බුද්ධි පෙරමුණේ සභාපති සංජය මහවත්ත කියා සිටියේ මෙලෙස ඩුබායි සිට පැමිණි ආධාර තොගය ශ්‍රී ලංකා රේගුවේ පරීක්ෂාවකින් තොරව පිට වී ඇති බවට සැකයක් මතුව ඇති බවයි.

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් විසින් මෙම ආධාර තොගය රැස් කිරීම සඳහා ප්‍රචාරක දායකත්වය ලබා දී ඇති බවත් ඩුබායි ඇතුළු නගර කිහිපයක වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ එකතුවෙන් මෙම ආධාර තොගය රැස්‌කර ඇති බවයි ඔහු සඳහහන් කර සිටියා.

ඩුබායි සිට ටොන් 45ක පමණ ප්‍රමාණයක් මෙලෙස මානුෂීය ආධාර ලෙස පැමිණ තිබූ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කරනු ලැබූ විමසීමකදී දැනුවත් වූ පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලැබී ඇත්තේ ලොරි 04ක පමණ ආධාර තොගයක් පමණක් බවත් සංජය මහවත්ත අවධාරණය කරනු ලැබුවා.

මෙලෙස එවන ලද ආධාර තොගයේ අඩංගුව පවතී භාණ්ඩ සම්බන්ධයෙන් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ආධාර තොගය ලබා දීමට පෙර එම ආධාර තොගය වෙනත් පාර්ශවයක් අතට පත් වූවාද යන්න පිළිබද සහ සම්පූර්ණ ආධාර තොගය මෙලෙස පැමිණියාද යන්න පිළිබද මෙලෙස පැමිණිලි කිරීම පැමිණි බව සිවිල් බුද්ධි පෙරමුණේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56