භූතයා පෙරළී තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ගොයම් කැපීම සඳහා යොදාගන්නා යන්ත්‍රයක් (භූතයා) පෙරළී සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැලිගම පොලිසිය සඳහන් කළේ ඊයේ (07) සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, වැලිපිටිය, මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක අයෙක්.

වැලිපිටිය, බෙරලෑලිය, රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන යන්ත්‍රයක් එය රැගෙන ආ ට්‍රැක්ටරයේ ට්‍රේලරයෙන් බෑමට උත්සාහ කිරීමේ දී එය පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

යන්ත්‍රය පෙරළී ඊට යටවී බරපතළ තත්ත්වයේ සිටි පුද්ගලයා වැලිගම – වලාන රජයේ රෝහල වෙත ඇතුළත්කර ඇති අතර, රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.

WhatsApp Image 2025 03 08 at 9.52.51 AM 2
WhatsApp Image 2025 03 08 at 9.52.51 AM 1
WhatsApp Image 2025 03 08 at 9.52.51 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?