භානුක සහ රයිලි පිටිය මැද ඇවිලුණු ඇත්තම හේතුව චරිත් හෙළිකරයි

2024 එල්.පී.එල්. තරගාවලිය ඊයේ (21) රාත්‍රියේ නිමාව දුටුවේ සිව්වන වරටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

අවසන් මහා තරගයේ දී ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 09කින්.

මේ අතර ඊයේ තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ රයිලි රොසෝව් සහ ගෝල් මාවල්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ අතර පිටිය මැද දී යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ජයග්‍රාහී නායක චරිත් අසලංකගෙන් විමසා සිටියා.

එහිදී චරිත් අසලංක පැවසුවේ මෙවැන්නක්.

“භානුක පළවෙනි රන්එක ගන්නකොට ත්‍රෝ කරලා එයාගේ ඇඟේ වැදුණා.ඇඟේ වැදිලා පන්දුව එහාට ගියාම දෙවැනි රන් එකත් ගත්තා, සාමාන්‍යයෙන් අපි ක්‍රීඩාවේ ජීවගුණය ගැන හිතනවා නම් පිතිකරුවන් ඒ දේ කරන්නේ නැහැ, මං හිතන්නේ එයා හිතලා නෙවෙයි කළේ. එයාට එහා පැත්තේ බැට්ස්මන් කතා කරපු නිසා තමයි එයා දිව්වේ. හැබැයි රයිලි මං හිතන්නේ කිව්වා එයාට, ඔයා ක්‍රීඩාවේ ජීවගුණයට හානි කළා කියලා. ඒක තමයි ප්‍රශ්නේ ඇති වුණේ. භානුක ඊට පස්සේ රයිලිට මොනවා හරි කියලා ඒ පාර විනිසුරුවරයා ඇවිල්ලා ට්‍රයි කළා රයිලිව නිශ්ශබ්ද කරන්න. රයිලි විනිසුරුවරයාට කිව්වේ ජීවගුණයට හානියක් වුණා එකයි මම ඒක කිව්වේ. ඒක පුන පුනා කිව්වා.විනිසුරුවරයා කිව්වා මට, දැන් මේක ඇති නවත්තන්න කියන්න කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
17
+1
2
+1
4
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07