භානුක සහ රයිලි පිටිය මැද ඇවිලුණු ඇත්තම හේතුව චරිත් හෙළිකරයි

2024 එල්.පී.එල්. තරගාවලිය ඊයේ (21) රාත්‍රියේ නිමාව දුටුවේ සිව්වන වරටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගනිමින්.

අවසන් මහා තරගයේ දී ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම තරගය ජයගත්තේ කඩුලු 09කින්.

මේ අතර ඊයේ තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ රයිලි රොසෝව් සහ ගෝල් මාවල්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ අතර පිටිය මැද දී යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ජයග්‍රාහී නායක චරිත් අසලංකගෙන් විමසා සිටියා.

එහිදී චරිත් අසලංක පැවසුවේ මෙවැන්නක්.

“භානුක පළවෙනි රන්එක ගන්නකොට ත්‍රෝ කරලා එයාගේ ඇඟේ වැදුණා.ඇඟේ වැදිලා පන්දුව එහාට ගියාම දෙවැනි රන් එකත් ගත්තා, සාමාන්‍යයෙන් අපි ක්‍රීඩාවේ ජීවගුණය ගැන හිතනවා නම් පිතිකරුවන් ඒ දේ කරන්නේ නැහැ, මං හිතන්නේ එයා හිතලා නෙවෙයි කළේ. එයාට එහා පැත්තේ බැට්ස්මන් කතා කරපු නිසා තමයි එයා දිව්වේ. හැබැයි රයිලි මං හිතන්නේ කිව්වා එයාට, ඔයා ක්‍රීඩාවේ ජීවගුණයට හානි කළා කියලා. ඒක තමයි ප්‍රශ්නේ ඇති වුණේ. භානුක ඊට පස්සේ රයිලිට මොනවා හරි කියලා ඒ පාර විනිසුරුවරයා ඇවිල්ලා ට්‍රයි කළා රයිලිව නිශ්ශබ්ද කරන්න. රයිලි විනිසුරුවරයාට කිව්වේ ජීවගුණයට හානියක් වුණා එකයි මම ඒක කිව්වේ. ඒක පුන පුනා කිව්වා.විනිසුරුවරයා කිව්වා මට, දැන් මේක ඇති නවත්තන්න කියන්න කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
17
+1
2
+1
4
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?