භානුකට මාලිංගගෙන් ඇරයුමක්

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ගැන නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සිය ට්විටර් ගිනුම හරහා භානුක රාජපක්ශ වෙත පණිවිඩයක් යොමු කරමින්.

“ජාත්‍යන්තර මට්ටමින් ඔබේ රට නියෝජනය කිරීම පහසු කාර්යයක් නො වන අතර ක්‍රීඩකයින් සෑම විට ම අභියෝග රැසකට මුහුණ දෙයි.

භානුක රාජපක්ශට @BhanukaRajapak3 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් බොහෝ දේ ලබා දීමට ඇති බව මම සැබවින්ම විශ්වාස කරන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ ඔහුගේ තීරණය නැවත සලකා බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් මාලිංග සිය ට්වීටර් පණිවිඩයේ සඳහන් කර තිබුණා.

භානුක රාජපක්ෂ මේ සතිය මුල දී (03) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩවෙන් විශ්‍රාම යාමේ සිය සූදානම පිළිබඳ දන්වන ලිපිය භාර දී තිබුණා.

එම ලිපියේ භානුක දන්වා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟින් තමාට තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නො හැකි බවයි.

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නා ප්‍රකාශ කළේ, භානුකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනූවෙන් තවත් බොහෝ දේ ලබා දීමට ඇති බව තමන් විශ්වාස කරන බව යි

පෙර පුවත – භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදෙන්න තීරණය කළ හේතුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට ඩුබායි එන්න ආණ්ඩුවෙන් රුපියලක්වත් වියදම් වෙලා නෑ
05:17
Video thumbnail
ලංකාවේ නිදහස් දිනය ඩුබායි හිදී සැමරු හැටි
01:03
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12


?