ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ගැන නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා.
ඒ සිය ට්විටර් ගිනුම හරහා භානුක රාජපක්ශ වෙත පණිවිඩයක් යොමු කරමින්.
“ජාත්‍යන්තර මට්ටමින් ඔබේ රට නියෝජනය කිරීම පහසු කාර්යයක් නො වන අතර ක්‍රීඩකයින් සෑම විට ම අභියෝග රැසකට මුහුණ දෙයි.
භානුක රාජපක්ශට @BhanukaRajapak3 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් බොහෝ දේ ලබා දීමට ඇති බව මම සැබවින්ම විශ්වාස කරන අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ ඔහුගේ තීරණය නැවත සලකා බලන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටිමි” යනුවෙන් මාලිංග සිය ට්වීටර් පණිවිඩයේ සඳහන් කර තිබුණා.
භානුක රාජපක්ෂ මේ සතිය මුල දී (03) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩවෙන් විශ්‍රාම යාමේ සිය සූදානම පිළිබඳ දන්වන ලිපිය භාර දී තිබුණා.
එම ලිපියේ භානුක දන්වා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟින් තමාට තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නො හැකි බවයි.
මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන්නා ප්‍රකාශ කළේ, භානුකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනූවෙන් තවත් බොහෝ දේ ලබා දීමට ඇති බව තමන් විශ්වාස කරන බව යි
පෙර පුවත – භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදෙන්න තීරණය කළ හේතුව














Banuka think again WE need you we loves u .Stay another 5 years. You can do might . Take SL team on top again.