භාතියට ප්‍රතිකාර අරඹා අදට දින 10යි – හස්තියා දැනට සිටි ඉරියව්ව වෙනස් කිරීමට පැය 02 මෙහෙයුමක්

වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන භාතිය හස්තියා දැනට සිටින ඉරියව්ව වෙනස් කිරීමට සත්වයාට ප්‍රතිකාර ලබන පශු වෛද්‍යවරුන් අද (14) දිනයේ කටයුතු කළා.

ඒ, එම සත්වයාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන්.

මහව, පොලිපිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටින භාතිය හස්තියාට ප්‍රතිකාර අරඹා අදට දින 10ක් ගත වනවා.

ඒ, අනුව අද දිනයේ පශු වෛද්‍යවරුන් සහ සහායක කණ්ඩායම් විසින් දොඹකරයක් ආධාරයෙන් භාතිය හස්තියා මේ වනතෙක් රැඳී සිටි ඉරියව්ව වෙනස් කිරීමට කටයුතු කළේ මෙතෙක් සිදුකළ ප්‍රතිකාරවලට හස්තියා තරමක් යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්.

පැය දෙකක පමණ වෙහහෙසක් දරා හස්තියා සිටි ඉරියව්ව වෙනස් කිරීමට ඔවුන් කටයුතු කළ අතර, තවමත් යහපත් සෞඛ්‍ය මට්ටමක මෙම සත්වයා නොසිටියත් ඉදිරියේ දී සිදුකරනු ලබන ප්‍රතිකාරවල දී සත්වයාගේ සෞඛ්‍ය මට්ටම තරමක් යහපත් වනු ඇති බවට බලාපොරොත්තුවන බවයි වෛද්‍ය කණ්ඩායම් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?