භාණ්ඩ වර්ග 142ක් සඳහා නව HS කේත හඳුන්වා දෙයි

2023 ජනවාරි 01 සිට ක්‍රියාත්මකවන පරිදි ආනයන අපනයන ක්ෂේත්‍රවල භාණ්ඩ 142ක් සඳහා නව රේගු සංකේතාංක (HS කේත) හඳුන්වා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ආනයන – අපනයන පහසු කිරිම හා විධිමත් කිරීම අරමුණු කරගෙන මෙම පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?