මාවනැල්ල මා ඔය බෝ ඇල්ලේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ජීවිතකෂයට පත්ව තිඛෙනවා. සති අන්ත දිනයක් වූ ඊයේ පස්වරු 3.30ට පමණ තරුණයින් 6 දෙනෙකු දිය නෑමට පැමිණ ඇති අතර ඔවුන් දිය නාමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති බවයි පැවසෙන්නේ. මිතුරන්ගේ කෑ ගැසීම අසා එම ස්ථානයට පැමිණි ගම්වැසියන් තරුණයින්ව ගොඩ ගනු ලැබුවද ඒ වනවිටත් ඔවුන් ජීවිතකෂයට පත්ව සිටියා.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අල්කේගම හා පොත්තපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අවිවාහක තරුණයින් දෙදෙනෙක්. ඔවුන්ගේ සිරුරු මේ වනවිට තබා ඇත්තේ මාවනැල්ල රෝහලේ.සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





