බෝම්බ සිද්ධියේ සැකකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයක ජීව අත්බෝම්භයක් තිබී සොයාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ පසුවන සැකකරුවකු අද (21) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදුන්නේය.

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරු අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කළාය.

ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී එම සැකකරු විසින් පැය එක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදුන් බව වාර්තාවේ.

එම පැමිණිල්ල අද පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සැකකරු ආරක්ෂක අමත්‍යංශයෙන් ලබා ගත් රැඳවුම් නියෝගයකට අනුව දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමිවී තිබෙන බව දැනුම් දුන්නේය.

එම සැකකරු මහෙස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව දැනුම්දී ඇති හෙයින් ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අමතමින් තමා ඉදිරියේ එම ප්‍රකාශය ලබා දීමට සූදානම් වන්නේ ස්වෙච්ඡාවෙන් ද එසේත් නැතිනම් කිසියම් බලපෑමක් අනුව දැයි විමසා සිටියාය.

එවැනි ප්‍රකාශයක් ලබා දුනහොත් එය තමන්ට එරෙහිව සාක්ෂි වශයෙන් යොදා ගැනීමට හැකියාව පවතින බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට කරුණු පෙන්වා දුන්නාය.

මෙහිදී අදාළ සැකකරු සඳහන් කර සිටියේ තමන් ස්වේච්ඡාවෙන්ම එම ප්‍රකාශය ලබා දීමට ඉදිරිපත් වන බවය.

එම සැකකරු දේවස්ථානයට බෝම්බය ගෙනා ආ පුද්ගලයා බවටත් කරුණු අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?