ත්‍යාගයක් කුරියර් කරන මුවාවෙන් බෝනික්කෙකු තුළ සඟවා කොළඹ සිට අනුරාධපුරට හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම එම පාර්සලය ලැබීමට නියමිත වූ අනුරාධපුර පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැනට දින 3කට ඉහතදී මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත කුරියර් සමාගමකට ලැබුණු පාර්සලයක් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
අත්අඩංගුවට පත් මෙම කාන්තාව කුඩු නෝනි නමැති මෙම කාන්තාව මීට පෙරද ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම මේ වන විට කුරියර් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ප්‍රවණතාවයක් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



