බෝනික්කෙක් තුළ සඟවා කුරියර් හරහා කොළඹින් අනුරාධපුරට කුඩු යැවූ කතක්

ත්‍යාගයක් කුරියර් කරන මුවාවෙන් බෝනික්කෙකු තුළ සඟවා කොළඹ සිට අනුරාධපුරට හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ කාන්තවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම එම පාර්සලය ලැබීමට නියමිත වූ අනුරාධපුර පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දැනට දින 3කට ඉහතදී මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත කුරියර් සමාගමකට ලැබුණු පාර්සලයක් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

අත්අඩංගුවට පත් මෙම කාන්තාව කුඩු නෝනි නමැති මෙම කාන්තාව මීට පෙරද ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම මේ වන විට කුරියර් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ ප්‍රවණතාවයක් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07