බෝග වගාවන්ට හානි කරන වන සත්ව සංගණනය අද

දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වන සත්ව සංගණනය අද (15) දිනයේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද (15) පෙරවරු 8.00 සිට පෙරවරු 8.05 දක්වා විනාඩි 05ක කාලයක් සංගණනය පැවැත්වීමට නියමිතයි.

බෝග වගාවන්ට හානි කරන වඳුරා, රිලවා, මොණරා සහ දඬුලේනා යන සත්ව කාණ්ඩ හතර මෙම සංගණනයේ දී සැළකිල්ලට ගනු ලබනවා.

මෙම සංගණනයට අදාළ තොරතුරු සටහන් කිරීම සඳහා තොරතුරු සටහන් කිරීමේ විශේෂ පත්‍රිකාවක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.

අදාළ පත්‍රිකාව ලැබී නොමැති නම් ඒ පිළිබඳව කලබල නොවී අදාළ කාලය තුළ පැමිණෙන සතුන් පිළිබඳව යම් සටහනක් තබා ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර බෝග වගාවන්ට හානි කරන වන සත්ත්ව සංගණනය වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර තිබෙනවා.

මෙම සංගණනයේ දී යම් ගැටළුවක් පැන නැගුණහොත් ස්ථාපිත කර ඇති මෙම මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක 011 2034336 අංකය අමතා විමසීම් කළ හැකියි.

ප්‍රජා සහභාගීත්වයෙන් සිදුකරනු ලබන මෙම සංගණනයට අදාළ කාලය තුළ සහයෝගය පළ කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?