AFC Banner
Empty Ad
Empty Ad

බොලිවියාව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

බොලිවියානු රජය විසින් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රට පුරා වනාන්තර සහ තෘණ බිම් විශාල ප්‍රමාණයක් විනාශ වීම හේතුවෙන් මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වන විට රට පුරා සක්‍රීය ලැව්ගිනි 72 ක් ඇවිලෙමින් පවතින අතර එමගින් විනාශය පත් වී ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 3ක් ඉක්මවනවා.

ලැව්ගිනි හේතුවෙන් Noel Kempff Mercado ජාතික වනෝද්‍යානය සහ San Ignacio de Velasco හි ආරක්ෂිත ප්‍රදේශ ඇතුළු ප්‍රධාන පාරිසරික කලාප කිහිපයක් අවධානමට ලක්ව තිබෙනවා.

වැඩිම ලැව් ගිනි ප්‍රමාණයක් සැන්ටා කෘෘස් නගරයෙන් වාර්තා වන අතර 2010 වර්ෂයෙන් පසුව බොලිවියාවෙන් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙම වසරේදී බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?