බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය පිටුපස මහ මොළකරුවෙක්

ඉතිහාසයට ඛේදනීය කළු පැල්ලමක් එක් කළ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට දින දහසක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් පැවති ජාතික දේව මෙහෙය අද (14) රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේ දී පැවැත් වුණා.

මේ අතර බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම පුද්ගලයා ද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?