බොරලැස්ගමුව වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් STF අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් තිදෙනා දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 හා 20 වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.

බොරලැස්ගමුව – මාලනී බුලත්සිංහල මාවතේපා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඊයේ (24) අලුයම් කාලයේ දීයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?