AFC Banner
AFC Banner
Empty Ad

බොරතෙල් මිලේ යළි අඩුවීමක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි අඩුවීමක් පෙන්නුම් කරනවා.

ලෝකයේ විශාලතම බොර තෙල් ආනයනකරු වන චීනයේ ආර්ථික කටයුතු දුර්වලවීම, ලෝක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ඇතිව ඇති අවිනිශ්චිත තත්ත්වයත් බොර තෙල් සඳහා ඇති ඉල්ලුම අඩුවීමට හේතු වී ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

දෙසැම්බර් මාසය සඳහා වෙළෙඳපොළට පැමිණෙන බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.07ක් ලෙස මිල සටහන් වූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 91.84ක් ලෙසයි.

මේ අතර පසුගිය දින පහක පමණ කාලයේ දී ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යෑමක් පෙන්නුම් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?