බොක්සිං දින තරගය 100 වන ටෙස්ට් තරගය කරගත් වෝනර්ගෙන් ඉතිහාස ගත වාර්තාවක්

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියා ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ශතකයක් රැස් කළා.

මෙලෙස 100 වන ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කිරීමට සමත් වූ ලොව 10වන ක්‍රීඩකයා ලෙස වෝනර්ගේ නම ක්‍රිකට් ඉතිහාසයට එක්වුණා.

මීට පෙර කොලින් කවුඩරි, ජාවෙඩ් මියන්ඩාඩ්, ගෝර්ඩන් ග්‍රිනිජ්, ඇලෙක් ස්ටුවර්ට්, ඉන්සමාම් උල් හක්, රිකී පොන්ටින්, ග්‍රෑම් ස්මිත්, හෂීම් අම්ලා සහ ජෝ රූට් මෙම දස්කම දක්වා තිබෙනවා.

වෝනර් මෙම ශතකය වාර්තා කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව මෙල්බර්න් හි පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ දීයි.

නත්තල් දිනට පසු දින එනම් දෙසැම්බර් 26 වනදා ඇරඹෙන ටෙස්ට් තරග ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ බොක්සිං දින ටෙස්ට් තරග ලෙස හඳුන්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?