මේ වන විට ජනාධිපතිවරයා විසින් 2026 වසර සඳහා වන අයවැය කතව පවත්වමින් සිටිනවා.
එහිදී ජනාධිපතිවරයා විසින් පහත කරණු සඳහන් කරනු ලැබුවා.
කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ නවතා දමා ඇති ව්‍යාපෘතිය 2026 වසරේ මුල් කාර්තුවේ දී ආරම්භ කරනවා.
හිඟුරක්ගොඩ ගුවන් තොටුපොලේ සංවර්ධන කටයුතු 2026 වසරේ දී අවසන් කරනවා.
අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්.
බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනාවක්.
ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක් වෙන්කරනවා.
රජයේ තානායම් සංචාරක හෝටල් අත හැර දමා තිබෙනවා. ආයතන වල සේවකයන්ගේ වරප්‍රසාද රැකෙන අයුරින් ඒවා ඵලදායී ව්‍යාපෘතිවල යෙදවීමට කටයුතු කරනවා.















