බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබෙනවා
දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් කණ්ඩායම් 06 පත් කර ඇති බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ .
වෙඩි තැබීමට පැමිණි පිරිස ජීප් රථයකින් පැමිණ ඇති බවටයි මේ වන විට විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ. වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
+1
+1
2




