AFC Banner
AFC Banner
Empty Ad

බෙලිඅත්තේ වෙඩි තැබීමට සම්බන්ධ වෑන් රථයක් සහ යතුරුපැදියක් හමුවෙයි

බෙලිඅත්තේදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරු පැදියක් හා වෑන් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කලේ අදාල වෙඩිතැබීමට භාවිතා කල ටී 56 ගිනි අවි දෙක එම යතුරුපැදියෙන් ප්‍රවාහනය කර ඇති බවයි.

එමෙන්ම අදාළ වෑන් රථය වෙඩිතැබීමෙන් පසු සැකකරුවන්ට පළායාමට සුදානම් කර තිබු බවට සැකකෙරෙනවා.

මේ අතර, මල්වතු හිරිපිටිය ශ්‍රී ගණාරාම විහාරස්ථානයේදී පසුගියදා ඝාතනයට ලක් වු පුජ්‍ය කලපලුවාවේ ධම්ම රතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේදී කහටාන පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

නිධන් හෑරීමේ සිද්ධියකින් අනතුරුව ඇති වු මුදල් ගණුදෙනුවක් සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම ඝාතනය සිදු කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ අතර, කුරුණෑගල දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ උත්තුංගාරාම පුරාණ විහාරස්ථානයේ ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී හෙළිව ඇත්තේ විහාරාධිපති හිමියන් සැතපෙන කාමරය ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, විහාරාධිපති හිමියන් වෙනත් ස්ථානයට සිට ඇති බැවින් උන්වහන්සේට හානියක් සිදුව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?