බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 3.30 දක්වා වලංගු වන ආකාරයෙන් අද අලුයම 2.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි.

එහි දැක්වෙන්නේ නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට උතුරු අක්ෂාංශ 11.2 සහ නැගෙනහිර දේශාංශ 82.7 ආසන්න ප්‍රදේශයේ යාපනයේ සිට කිලෝමීටර් 330ක් පමණ ඊසාන දෙසින් පැවති බවයි.

එය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති.

මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කර හෙට වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

ඉන්පසු එය උතුරු දෙසට ගමන් කර අනිද්දා (05) වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුලුවනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

මේ හේතුවෙන් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට ඉදිරි පැය 48 තුළ යාත්‍රා නොකරන ලෙසටයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසටයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරවී පවතිනු ඇති.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

සබරගමුව පළාතේතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේදී වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි.

උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක 50ක පමණ තරමක තද සුළං ද බලාපොරොත්තු වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25