AFC Banner
Empty Ad
Empty Ad

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි තත්ත්වයේ වර්ධනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ තවදුරටත් වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකියි.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ද අද (01) දිනයේ ඇතිවිය හැකි බව එම දෙපාත්මේන්තුව සඳහන් කරනවා.

දිවයිනේ සෙසු පළාත්වල අද (01) පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි අතර දකුණු පළාතේ උදේ කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?